ඇඩ්සෙන්ස් මුල සිට

ගුගල් ඇඩ්සෙන්ස්  පිළිබද හැදින්වීමක් හා  එමගින් අන්තර්ජාලයෙන්  මුදල් ඉපයීමත්  පිළිබදව   සරල සටහනක්

ගුගල් ඇඩ්සෙන්ස්  කියන්නේ  මොකක්ද?

 අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි විස්වාසනිය  දීර්ග කාලින ක්‍රමයක් තමා ඇඩ්සෙන්ස් කියන්නේ කෙටියෙන්ම කිවොත් ඇඩ්සෙන්ස් මගින් මුදල් සෙවීම සීමාවක් නෑ.

ගුගල් ඇඩ්සෙන්ස්  කියන්නනේ ලොව විශාලතම Paid to Click  දැන්වීම් වැඩසටහනයි ( මෙය ඇඩ්ස් ක්ලික් කරන  සයිට් එකක් නම් නෙවේ).  ලොව හොදම  අන්තර්ජාල ඇඩ්වටයිසින්   නෙට්වොර්ක්  එකකි මෙම ආයතන මගින් ලබා දෙන ඇඩ්ස් අපගේ වෙබ් සයිට් , බ්ලොග්, යු ටියුබ්  හරහා  ප්‍රචාරය කර අපිටද publisher
කෙනෙක් විදිහට මෙම ආයතන තුල ලියාපදිංචි  වී මුදල් සෙවිය හැක.

ගුගල් ඇඩ්සෙන් මගින් අපිට කොමිස් මුදලක් දෙනු ලබයි එය නම් ඔබගේ වෙබ් අඩවියේ තුල ඇති දැන්වීම් ඔබගේ  වෙබ් අඩවියට  පැමිණෙන අයකු විසින් ක්ලික් වූ විට ඔවුන් ඔබට 68% මුදල් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලබයි

උදාහරණයක්  ලෙස ගුගල් ඇඩ්සෙන්ස් වල ඇඩ්ස් දෙන කස්ටර්ම කෙනෙක් ඔහුගේ ඇඩ් ක්ලික් එකකට 1$ ගෙවනවා යැයි  සිතුවොත් ඔබට එම ඇඩ් එකකින් 68% ක් ලැබෙනු ඇත. එසේ නම්  0 .68$  ක් ඔබට ලැබෙනු ඇත.

ඉතින් ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන විසිටර්ස්  ලා ප්‍රමාණය ඉතා ඉහල නම් ඔබටද මාසිකව ඉතා ඉහල අදායමක් ලැබිය හැක.


ඇඩ්සෙන්ස්  මුදල්  ගෙවන්නේ  කෙසේද?

 ගුගල් ඇඩ්සෙන්ස්  ඔබට මුදල් ඔන්ලයින් බැංකු ගිණුම් වලට මුදල් එවන්නේ නැත  එක් මසකදී 100$ වඩා 
වැඩියෙන් ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමේ මුදල් පිරුණු පසු චෙක් පතක් ඔබගේ නිවසටම ලැබෙනු ඇත.


එමෙන්ම ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමේ 10$ පිරුණු  විට ගුගල් ඇඩ්සෙන්ස්  විසින් පින් නම්බර් එකක් ඔබගේ ගෙදරට එවනු ලැබේ. එය ඔබගේ ලිපිනය තහවුරු කර ගැනීමට ඔවුන් විසින් එවනු ලැබේ. ඒ ගැන සම්පූර්ණ විස්තර අප වෙබ් අඩවියේ පවතී..


 ඇඩ්සෙන්ස් මගින් එවන  මුදල්  අපවෙත ලැබෙනවාද?

ඇයි නැත්තේ ඇඩ්සෙන්ස් පටන් අරන් දැන් වසර දහයක කාලයට වැඩ වැඩියි එසේම ගුගල් සමාගමේ ආයතනක් නිසා ඔබට කිසිදු බියක් වීමට අවශ්‍ය නැත. තැපැල්  සේවාවේ සිදුවන පමාවන් හැරුනුකොට  නියමිත  දිනට ඔබගේ චෙක්  පත නිකුත් කරන අතර ඔබට එය ලංකාවේ ඕනෑම බැංකුවකින් මුදල් බවට පත්කළ  හැක.

මුදල් සෙවීමට ඇඩ්සෙන්ස්  ගිණුම් කිහිපයක් අවශ්‍යද?

කොහෙත්ම අවශ්‍ය නැත ඔබේ නමට ගිණුමක් පවතී නම් ඔබට ඔබගේ වෙබ් අඩවි ඕනෑම ප්‍රමාණයකට යොදා ගත හැකිය.

නමුත් ඔබට අවශ්‍යනම්  ගිණුම් එකකකට  වඩා වැඩියෙන් සදා ගත  හැක  එහිදී  ඔබගේ නමේ හා ලිපිනයේ සුළු සුළු වෙනස් කම් කිරීම අත්‍යවශ්‍යය.

ඇඩ්සෙන්ස් වලින් මුදල් සෙවිය  හැක්කේ 100$ දක්වා පමනිද?

100$ යනු ඔවුන් චෙක් පත නිකුත් කරන අවම අගයයි ඔබගේ වෙබ් අඩවිය මගින් මසකදී 100$ වැඩ මුදලක් ඔබට ඉපයිය හැකි නම් එම මුදල් සියල්ලම ඔබට මාසයක් අවසානයේදී නිකුත් කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 1000$ ඔබ මසකදී සොයන්නට පුළුවන් වුවහොතින් ඒ සියලු මුදල ඔබට ලැබේ.

ඇඩ්සෙන්ස් වලට සහභාගී  විය හැක්කේ කාටද?

ඇඩ්සෙන්ස්  ගිණුමක් සැදීමට නම් ඔබට අඩුම තරමේ අවුරුදු 18 ට  වඩා වැඩිවිය යුතුවේ. ඒ හැරුණු විට ඔබට බ්ලොග් කරණයේ හෝ වෙබ් අඩවි සැදීමේ  නිපුනත්වයක් පවතී නම් ඇඩ්සෙන්ස් මගින් මුදල් සෙවිය හැක.
එසේම කිසිදු වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නැතුවද ඔබට  යු ටියුබ් හරහාද මුදල් සෙවිය හැක.

ඇඩ්සෙන්ස් අපේ වෙබ්  අඩවියට ද ගන්නේ කෙසේද?

ඔබට ඇඩ්සෙන්ස් ගිණුමක් ලබාගත හැකිය ඔබට වෙබ් අඩවියක් පවතී නම් 
 https://www.google.com/adsense/signup වෙත ගොස් ඔබටද ඇඩ්සෙන්ස් සදහා අයදුම්  කල   හැක. නමුදු   ඔවුන්ගේ  ගිණුමක් ලබාගැනීම ඉතා අමාරු  ක්‍රියාවලියකි   ඉතින්  ඔබටත්  හැකියාවක්   තිබේ  නම්  අයදුම්
 කර  බලන්න.

සිංහල වෙබ් අඩවි වලට   ඇඩ්සෙන්ස්  පාවිච්චි  කරන්න පුලුවන්ද?

 ඇයි බැරි ඇඩ්සෙන්ස්    ඔබගේ සිංහල සයිට්  වලටද  බ්ලොග් වලට   දැමිය හැකිය. නමුත් ඇඩ්සෙන්ස්  ඔබගේ සිංහල  වෙබ් අඩවියෙන් ගන්නත් බැරිය. ඔබට ඇඩ්ස් දැම්මත් ඔබගේ බ්ලොග්/ වෙබ් අඩවියේ දිස් නොවේ. සිංහල   වෙබ් අඩවි  හා බ්ලොග් වලට  ඇඩ්සෙන්ස්  දැමීමේ හැකියාව  හා මග පෙන්වීම අපගෙන් අසා  දන ගත හැක. 

 ඇඩ්සෙන්ස්  ගිණුමේ තොරතුරු  හා එහි ඇතුලත විස්තරයක්..

ඇඩ්සෙන්ස්  ගිනුමක ඇති දේවල් ගැන video කීපයකින් කතා කිරීමට අපි අදහස් කරමු. මෙහි සියලු අයතිය සිංහලෙන් ඇඩ්සෙන්ස් වෙබ් අඩවිය වන අතර කොපි කිරීමෙන් වලකින්න 


 https://www.google.com/adsense  වෙත පිවිස ඔබගේ ඇඩ්සෙන්ස්  ගිණුමට ඇතුළු විය හැක.




ඇඩ්සෙන්ස් ඇඩ් යුනිට් එකක් සකස් කරගන්නා ආකාරය.





ඔබ දන්නවද? ඇඩ්සෙන්ස්  වලටම අදාල නීති සංග්‍රහයක් තිබෙන විත්තිය ඇඩ්සෙන්ස් පොලිසි සමුහයක් ඔයාට පුළුවන් ඒවා  සිංහලෙන්ම  දැන ගන්න. ඔයලට දෙනවා pdf එකක් එක කියවලා බලන්න. එට කලින් මම මේක හැදුවේ නැහැ මේ ලින්ක් එකෙන් ගිහින් එක භා ගත කර ගන්න.

ලින්ක්

ඇඩ්සෙන්ස් භාවිතයේදී  ඔබ නොකළ යුතුම වැඩ මොනවද?
කීප වතාවක් මම වෙබ් අඩවිය තුල මේ සදහා ලිපි දමා  ඇත මුලිකවම  මෙම දේවල් ඉතා වැදගත් වේ


  •      ඔබම ඔබගේ දැන්වීම් ක්ලික් කිරීමෙන් වැළකී සිටින්න

  •      ඔබගේ මිතුරන් හට ඔබගේ දැන්වීම් ක්ලික් කරන ලෙස ඉල්ලා සිටීමෙන් වැළකෙන්න

  •      ඇඩ්සෙන්ස් ඇඩ්ස්  code එක වෙනස් කිරීමෙන් වැළකෙන්න

  •      ඇඩ්සෙන්ස්  ඇඩ්ස් වැඩිහිටියන්ට පමණක් විවෘත වූ වෙබ් අඩවි වල දැමීමෙන් වළකින්න

  •      ඇඩ්සෙන්ස්  ඇඩ්ස්  ෆිල්ම්ස් තියෙන වෙබ් අඩවි හා  ඩවුන්ලෝඩ් ලින්ක් සහිත වෙබ් අඩවි වලින් දැමීමෙන් වලකින්න 

ඔබේ ඇඩ්සෙන්ස් ගිණුම අවලංගු විය හැකිද?

 ඔබ නීති විරෝදී අයුරින් ඇඩ්සෙන්ස් භාවිත කළහොත් ඔබගේ ගිණුම අවලංගු විය හැක.කෙසේ වෙතත් ඔබගේ ගිණුම ඔබගේ වරදකින් තොරව අවලංගු වුවහොත් ඉක්මණින් ඇඩ්සෙන්ස්  කාර්ය මණ්ඩලය වෙත අභියාචනයක් (Appeal) මඟින් දන්වන්න ඒ සඳහා https://www.google.com/adsense/support/bin/request.py?contact=invalid_clicks_appeal වෙත පිවිසෙන්න.


ඔබ අතින් වැරදීමකින් දැන්වීම් ක්ල්ක් වුවහොත් එසැණින්ම  https://www.google.com/adsense/support/bin/request.py වෙත පිවිසෙන්න.


ඇඩ්සෙන්ස් ගිණුම  අවලංගු  වුවොතින් නැවත ලබා ගත හැකිද?

ඔබේ  ඇඩ්සෙන්ස්  ගිණුම අවලංගු වුනොතින් ඔබට නැවත ගිණුම තිබුන ලෙස පත් කරගත නොහැක එමෙන්ම එකම විස්තර සහිතව ඉල්ලුම් කල නොහැක. ඒ සදහා ක්‍රම උපායන්  අප  සතු වේ.


ඇඩ්සෙන්ස් චෙක් පතක් හා DHL කවරයක් පහත වේ. මේ ආකාරයට ඔබටත් ඇඩ්සෙන්ස් මගින් මුදල් සොයා මාසිකව අදායමක් ලැබිය හැක.


ඇඩ්සෙන්ස් සමග යු ටියුබ් භාවිතය.

ඇඩ්සෙන්ස් ඇඩ්ස් ඔබගේ යු ටියුබ් video වලට ද දැමිය හැකි වන ලෙසින් අපට  ගිණුමක් සාදා දිය හැක මෙම ක්‍රම වේදය යුරෝපිය රටවල් වලට පමණක්  ලැබුන විශේෂ ක්‍රියාවලියක් වන අතර අප විසින් ඔබ  හට  ඇඩ්සෙන්ස් ගිණුමක් යු ටියුබ් ගිණුමකට සම්බන්ද කල දිය හැක.

ඔබට කල යුත්තේ ඉතා ගුණයෙන් යුතු video ඔබගේ   යු ටියුබ් ගිණුමට  upload කිරීම වන අතර අප විසින් ලබා දෙන මගපෙන්වීම අනුව ඔබට ඇඩ්සෙන්ස් ඇඩ්ස් ඔබගේ යු ටියුබ් ගිණුමේ ඔබගේ video නරබන්නන්  හට දිස් වෙන ලෙස සකස් කල හැක. එවිට එම video මත ඇති ඇඩ්ස් ක්ලික් වන ප්‍රමාණය අනුව ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට මුදල් එකතු වන අතර මාසයක් අවසානයේ ඔබට චෙක් පතක් නිවසටම ලැබෙනු ඇත.


මෙය ඔබ හට ඉතා වාසි දායකය එනම්,
යු ටියුබ්  යනු ලෝකයේ විශාලතම video අන්තර්ගතයක් සහිත වෙබ්අඩවියක්  නිසා විශාල විසිටෝර්ස් ලා බිලියන ප්‍රමාණයක් ඔබගේ video බැලීම සදහා පැමිණේ. එම නිසා ඔබ හට කිසිදු මහන්සියකින් තොරව  අගනා video දැමීම මගින් මුදල් සෙවිය හැක. ඔබගේ කැමරාවෙන්, රුපවාහිනී වැඩ සටහන් වලින් පටිගත කරනු ලබන video, ඔබගේ ජංගම දුරකතනයෙන්  පටිගත කරනු ලබන video යු ටියුබ් වෙත upload කල හැක.

You Tube සමග ඇඩ්සෙන්ස් ඇඩ්ස් දිස් වන ආකාරය පහත රුප සටහනෙන් බලන්න



එමෙන්ම ඔබගේ  යු ටියුබ්  Video  Face Book සහා  Blog අඩවි වල ප්‍රචාරය කිරීමෙන් තවත්කට්ටිය ගෙන්වා ගත හැක.







 


0 comments

ජනප්‍රියම ලිපි

 
© සිංහලෙන් ඇඩ්සෙන්ස්
Designed by සිංහලෙන් ඇඩ්සෙන්ස්
Back to top